මෙරට ජනතාව කෘෂිකර්මාන්තයෙන් සවිබල ගැන්වීම සදහා කෘෂි අධ්‍යාපනික දැනුම බෙදා හැරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව පියවර රැසක් ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ඉහල අධ්‍යාපනයක් ලබා ගත නොහැකි වූ සමාජ කොටස් සදහා විධිමත් හා අවිධිමත් ලෙස කෘෂි අධ්‍යාපනය ලබා දීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය තිරසාර ලෙස ඉහළ නැංවීම සිදු කළ හැකි බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි.
ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය වෙමින් ජාතික වෘත්තීය පුහුණු පාඨමාලා NVQ 6 මට්ටමේ කෘෂිකාර්මික අධ්‍යාපනය ලබා දෙන කෘෂිකර්ම විද්‍යාල 05 ක් පිහිටුවීමට අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
එමෙන්ම NVQ 5 මට්ටමේ කෘෂිකාර්මික අධ්‍යාපනයක් ලබා දෙන කෘෂිකර්ම විද්‍යාල 06 ක් ද දිවයින පුරා පිහිටුවා ඇත.
NVQ 3 හා NVQ 4 මට්ටමේ පාඨමාලා දිවයින පුරා ඇති පුහුණු මධ්‍යස්ථාන හා සේවා සංස්කරණ අභ්‍යාස ආයතනවලදී පවත්වන බව ද කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එමෙන්ම සේවාස්ථ පුහුණු වැඩසටහන් මගින් ද කෘෂි තාක්ෂණය අවශ්‍ය කණ්ඩායම්වලට ලබා දීම සිදු කරයි.
ඒ සදහා ගන්නෝරුව, අගුණකොලපැලැස්ස, මහඉලුප්පල්ලම, බිදුණුවැව, යන ස්ථානවල සේවා සංස්කරණ අභ්‍යාස ආයතන පිහිටුවා තිබේ.
දිවයින පුරා පිහිටුවා ඇති දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන හරහාද ප්‍රායෝගික කෘෂිකාර්මික පුහුණු සැසි මගින් අදාළ කණ්ඩායම් දැනුවත් කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.