21.7 C
Sri Lanka
Friday, October 30, 2020

සීඝ්‍රයෙන් පැතිරෙන දුඹුරු පැළ කීඩෑ උවදුර මැඩලන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස්……

මේ දිනවල දිවයින පුරා වී වගාවේ දුඹුරු පැළ කීඩෑ හානිය සීඝ්‍ර ලෙස ව්‍යප්තව වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය අවධාරණය කරයි.

මේ වන විට වයඹ හා බස්නාහිර පළාත්වල ප්‍රදේශ රැසක මෙම හානියෙන් වී වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව  එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත වීරසිංහ මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන් මේ වන විට මෙරටට බලපෑ ඇති කාළගුණ තත්ත්වයත් සමග මෙම කෘමි‍යාගේ සීඝ්‍ර පැතිරීමක් දක්නට ලැබෙන අතර, ගොයම් ගස කහ පැහැයට ලක්වීම ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන ලක්ෂණය වේ.

එසේ වන්නේ දුඹුරු පැළ කීඩෑවා ගොයම් ගසේ පත්‍ර නාරටියේ හා පත්‍ර කොපුවේ වරකට බිත්තර 300 ක් පමණ දමා පසුව එයින් බිහිවන සුහුඹුලන් ගොයම් ගසේ කදේ යුෂ උරා බීමෙනි.

මෙම තත්ත්වය මුල් අවදියේම හදුනාගෙන සුදුසු ප්‍රතාකිර කිරීමෙන් මෙම කීඩෑ හානිය වළක්වා ගත හැකි බව වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පෙන්වා දෙයි.

එමෙන්ම වී වගාවට කෘමි නාශක යෙදීමේදී ගොවි මහතුන් විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

නිර්දේශිත කෘමි නාශක තෝරා ගැනීම , නිවැරදි දියවර ඉසින හා නොසලය තෝරා ගැනීම, යායක් ලෙස එකට එක්ව මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරීම, කුඹුරේ වැඩි ජලය කපා හැර වල් පැළැටි ඉවත් කිරීම යන ක්‍රියා අනුගමනය කිරීමෙන් ද මෙම කිඩෑ උවදුරෙන් ගොයම බේරා ගැනීමට හැකියාව ලැබේ.

එමෙන්ම, කෘමි නාශක ගොයම මතට යෙදීමේදී ගොයම දෙපසට පීරා කද මත සිටින කීඩෑවන්ට හොදින් කෘමි නාශක ළගාවන සේ යෙදීමෙන් මෙම හානිය අවම කර ගත හැකි වේ. එමෙන්ම,  ගොයමේ පහළ ප්‍රදේශයට කෘමිනාශක යෙදීමෙන් කීඩෑ උවදුර පාලනය කර ගත හැකි බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතාගෙන් ලබා ගත හැකිය.

Latest news

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන...
- Advertisement -

නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන...

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here