කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සීතාඑලිය ගොවිපලෙහි කෘෂි උද්‍යානය හා කෞතුකාගාරය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්රධානත්වනයෙනි.
එම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ද එක් විණි .
මීට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සංචාරක නිවස විවෘත කිරීමට කිරීම ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය .
දේශීය සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන් සදතැන්න කෘෂි සංචාරක මාර්ගය පුළුල් කොට සංවර්ධනය සඳහා මුල්ගල තැබීමද මෙහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
සීතා එලිය අර්තාපල් බීජ සුරක්ෂිත ලෙස ගබඩා කිරීම සඳහා ඉදිකරන ලද ශීතාගාර සංකීර්ණය ද මෙහිදී විවෘත කිරීම සිදු විය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කේ. ඩී.එස් රුවන් චන්ද්‍ර මහතා නුවරඑළිය නගර සභාවේ නගරාධිපති ඇතුළු නිලධාරීන් මෙන්ම ගොවීන් ද එක්ව සිටියහ.