20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

සේනාගෙන් වගා හානි වූ ගොවීන්ට සහන සැලසීමට යෝජනාවක් අද (22) අමාත්‍ය මණ්ඩලය හමුවට….

සේනා දළඹු වසංගතයෙන් වගා හානි වූ ගොවීන්ට සහන ලබා දීම සදහා වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වන විට දිවයිනේ ප්‍රෙද්ශ රැසකින් සේනා දළඹු උවදුර වාර්තා වී ඇති අතර, වගා බිම් රැසක් මෙම දළඹුවාගේ ග්‍රහණයට ලක්ව ඇති බව වාර්තා වේ.

සේනා දළමුවා මෙරට වගාවන් 100 කට වඩා වැඩි ප්‍රමාණයකට හානි කළ හැකි දළඹුවෙකු බව මේ වන විට හදුනාගෙන ඇත.

එබැවින් මෙරට සියලුම වගා කටයුතුවල නිරත වන ගොවීන් තම වගාවන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

මේ වන විට සේනා දලඹු ව්‍යප්තිය මර්දනය සදහා දෙපාර්තමේන්තුව කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර, එම කාර්ය සාධක බලකාය මේ වන විට දිවයිනේ සියලුම ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් සිය මෙහෙයුම් අරඹා තිබේ.

කෙසේ වෙතත් මේම අවස්ථාවේදී සියලුම ගොවි ජනතාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන උපදෙස් එලෙසම පළිපදින ලෙස ද ඉල්ලීමක් කෙරේ.

මේ වන විට සේනා දළඹු මර්දනය සදහා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම පියවර ගෙන ඇති අතර, සේනා මර්දනය සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ.

එමෙන්ම, මේ වන විටත් සේනා මර්දනය සදහා නිර්දේශ කර ඇති කෘමි නාශක මිලදී ගැනීමට ගොවීන්ට මූල්‍ය සහන ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කෙරේ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here