18.5 C
Sri Lanka
Monday, January 25, 2021

සේනා දළඹු හානිය ගැන අවධානයෙන් සිටින්න…ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇරඹේ…

මොණරාගල දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු වගාව තුළ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹු හානිය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙම මස දෙවන දින (02) ආරම්භ කළ බව මොණරාගල අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

එම දැනුවත් කිරීම ලබන 05 වනදා දක්වා සිදු කිරීමය නියමිතය.

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.යූ.රණසිංහ මහතා පැවසුවේ මේ වන විට දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, කොටියාගල, ඇතිමලේ යන ප්‍රදේශවල බඩ ඉරිගු වගා බිම් සේනා දළඹු හානියට නතු වෙමින් පවතින බවය.

එබැවින් පළාත් සහ අන්තර් පළාත් කාර්යාල සහ අනෙකුත් කෘෂිකර්ම නිලධාරීන් එක්ව මෙම වැඩසටහන දියත් කර තිබේ.

කුඩා කණ්ඩායම් ලෙස සහ ජංගම රථ යොදා ගනිමින් අදාළ දැනුවත් කිරීම් සිදු කරන බව රණසිංහ මහතා සදහන් කළේය.

මෙහිදී ගොවි ජනතාදව නිරන්තරයෙන් තම වගාව පරීක්ෂා කිරීම, අනවශ්‍ය ලෙස කෘෂි රසායන නොයොදා හානි වූ ස්ථානවලට පමණක් ඒවා යෙදීම සහ ගොවීන් සියලු දෙනා එකට එක්ව කටයුතු කිරීම මගින් සේනා දළඹුවාමට එරෙහිව සටන් කළ හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් යම් කිසි ගැටළුවක් වෙතොත් තම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමුවන ලෙස රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here