මෙරට කෘෂිකර්මාන්තයට හානි කරන ප්‍රධානතම පළිබෝධකයකු ලෙස පසුගිය කාලයේදී හදුනාගත් සේනා දළඹුවා මර්දනය කිරීම සදහා අමෙරිකාවේ සිට වෛරසයක් මෙරටට ගෙන්වා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතචනයේ කීට විද්‍යාඥ ප්‍රභාත් නිශාන්ත මහතාගේ මූලිකත්වයෙන් එම වෛරසය ගෙන්වා ඇති බව දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන කෘෂි තාක්ෂණ තොරතුරු පත්‍රිකාවේ සදහන් වේ.
එම වෛරසය මෙරටට ගෙන්වා ඇත්තේ සේනා වැනසීම සදහා වන කඩිනම් පියවරක් ලෙසිනි.
මෙම වෛරසයේ විශේෂත්වය වන්නේ සේනාට හැර මෙයින් මිහිපිට සිටින කිසිදු ජීවියෙකුට හානියක් සිදු නොවීමය.
මේ වන විට මෙම වෛරසයේ මූලික විද්‍යාගාර කටයුතු සාර්ථක වී ඇති අතර ගොවි ජනතාව වෙත හදුන්වාදීමේ කටයුතු සිදු කිරීමට කටයුතු යොාදා ඇත.
මෙම වෛරසය ඉසින ලද වගා බිමක වගාව ආහාරයට ගන්නා සේනා දළඹුවා වැනසී යාම සිදු වේ.
මේ අතර, ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යාඥ ප්‍රභාත් නිශාන්ත මහතා මේ වන විට සේනා වැනසීම සදහා යොදා ගත හැකි ක්ෂුද්‍ර ජීවීන් කිහිපදෙනෙකුම හදුනාගෙන තිබේ.
එම ක්ෂුද්රජීවී විහේෂ මේ වන විට දේශීය තත්ත්වයන් යටතේ ගුණනය කරමින් සිටින බව ද ඒවා ඉදිරියේදී ගොවි ජනතව වෙත හදුන්වා දෙන බව ද එම ආයතනය සදහන් කරයි.