19.2 C
Sri Lanka
Friday, January 22, 2021

සෝයා බෝංචි වගාවට යොමුවන නව ගොවීන්ට කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ප්‍රතිලාභ රැසක්.

පවතින ජල හිග තත්ත්වයන් යටතේ වාණිජ බෝගයක් ලෙස සාර්ථකව සෝයා බෝංචි වගා කිරීමට හැකියාව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ යටතේ මෙරට වියළි හා අතරමැදි දේශගුණික කලාපවලට අයත් ප්‍රදේශවල  යල කන්නයේ සෝයා බෝංචි සාර්ථකව වගා කිරීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දේ.

ඒ අනුව, අනුරාධපුර, පොළොන්නරුව,මොණරාගල, කුරුණෑගල, පුත්තලම,අම්පාර, ත්‍රිකුණාමලය, වව්නියා යන මහවැලි බල ප්‍රදේශයන්හි මේ වන විටත් සෝයා වගා කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

අක්කරයක සාර්ථක සෝයා වගාවක් මගින් රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුනාගෙන ඇත.

මීට අමතරව සෝයා බෝංචි වගා කිරීමට කැමති නව ගොවීන් දිරි ගැන්වීම සදහා ඔවුන්ට ප්‍රතිලාභ රැසක් ලබා දීමට ද කෘෂිකර්ම  අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව, බිම් සැකසීම සදහා අක්කරයකට රැ.1600 ක මුදලක් ලබාදෙන අතර, වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ නොමිලේ ගොවීන් වෙත ලබා දීම සිදු වේ.

එමෙන්ම, වී වගාව සදහා ලබාදෙන පොහොර සහනාධාරය සෝයා බෝංචි වගාව සිදු කරන ගොවීන්ට ද ලබා දෙන අතර, වගා හානිකදී රක්ෂණ හිමිකමක් ද ඔවුන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

වගාවට අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා පසු විපරම ද අමාත්‍යංශය හා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අතර, අස්වනු සදහා සහතික මිලක් ද ලබා දීමට පියවර ගෙන තිබේ.

මේ පිළිබද වැඩිදුර තොරතුරු අදාළ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක,කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර , මහවැලි ක්ෂේත්‍ර සහකාර හෝ මහවැලි ඒකක කළමනාකරැ හමුවී ලබා ගත හැකි වේ.

එසේ නොමැති නම් 071-8281206 හෝ 081 – 2388098 යන දුරකතන අංකවලින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෝයා බෝංචි බෝග සම්බන්ධිකරණ නිලධාරී අමතා ලබා ගැනීමට හැකියාව පවතී.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here