කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සෞඛ්යාරක්ෂිත දිවිපෙවෙතකට හුරු කරවීම සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ යටතේ පාසල් දරුවන් තුළ නැවුම් පළතුරු පරිභෝජනය ඉහළ නැංවීම සදහා පළතුරු යුෂ අලෙවිසැල් පාසල් තුළ පිහිටුවීමට කටයුතු කරන බව කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ කෘෂි මෙහෙයුම් නිලධාරී බන්දුල ජයසිංහ මහතා පැවසීය.
එමෙන්ම නිවැරදි ආහාර පරිභෝජනය හා නැවුම් එළවළු ආහාරයට ගැනීම පිළිබදව ද පාසල් දරුවන් හා ගුරුවරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.
මෙම වැඩසටහන යටතේ අනෝදා , සියඹලා, දං, කටුලොවි වැනි ඌන භාවිත පළතුරු පිළිබදව පාසල් දරුවන් දැනුවත් කෙරෙන බව බන්දුල ජයසිංහ මහතා පැවසීය.
පාසල් තුළ කාබනික ගෙවතු හා ආදර්ශ ගෙවතු පවත්වා ගෙන යාමේ වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම පළිබෝධ අවම කර ගැනීම මෙන්ම පාසල් දරුවන්ට කෘෂි තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ කෘෂි මෙහෙයුම් නිලධාරී බන්දුල ජයසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.