සෞභාග්‍යා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ පසුගිය යල කන්නයේ ක්ෂේත්‍ර බෝග හා අතිරේක ආහාර බෝග වර්ග කීපයක් සදහා ගොවීන්ට අවශ්‍ය බීජ නොමිලයේ සහ 50% දායකත්වය මත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය මෙහෙය වීම යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබුවා.
යල කන්නයේ මෙම වැඩසටහන යටතේ තම වගාවන් සදහා බීජ ලබාගත් ගොවීන් සම්බන්ධ කර ගනිමින්, නව වැඩසටහනක් හම්බන්තොට අන්තර් පළාත් වලව කලාපයේ රිදියගම කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය මගින් ආරම්භ කොට තිබේ.
මෙහි ප්‍රධානතම අරමුණ වී ඇත්තේ තම ප්‍රදේශයේ වගාව සදහා වූ බීජ අවශ්‍යතාවය තම ප්‍රදේශයේ ගොවීන් විසින්ම නිශ්පාදනය කර සපයා ගැනීමයි.
ඒ අනුව කොට්ඨාශය තුල ගොවීන් විසින් 2020 යල කන්නයේ තම වගාවන් සදහා රජය විසින් ලබාදුන් බීජ ප්‍රමාණයට සමාන බීජ ප්‍රමාණයක් තම නැවුම් අස්වැන්නෙන් එම කොට්ඨාශයේම තවත් ගොවි මහතකු වෙත නොමිලයේ ලබාදීම මෙහිදී සිදු වේ.
මෙලෙස බීජ ලබා ගන්නා නව ගොවීන් විසින් ඊලඟ කන්නය සදහා තවත් නව ගොවි මහතුන් පිරිසකට මෙම බීජ ප්‍රමණය නැවත ලබාදිය යුතු වේ.
මෙම සංකල්පය ඉදිරිපත්කොට වැඩසටහන ක්‍රියාවට නැංවීම බැදිගම්තොට කෘෂිකර්ම උපදේශක අනෝමා ගමගේ මහත්මිය විසින් සිදු කර ඇත.
මෙහි සමාරම්භක වැඩසටහන සැප්තැම්බර් මස 11 වන දින බැදිගම්තොටදී ආරම්භ වූ අතර, වැඩසටහන සඳහා හම්බන්තොට අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ, වලව කළාපය භාර සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ඇතුලු කෘෂිකර්ම නිලධාරීන් රැසක් සහභාගී විය.