ගොවීන්ට සහ ගොවි සංවිධානවලට ප්රතිලාභ ලබා දීම සදහා වන රජයේ සෞභාග්‍යා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන ආරම්භ කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශය සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.
වී,අර්තාපල්,මිරිස්,ලොකුලූණු,බඩඉරිගු,රතුළූනු,රටකජු,මුං,කව්පි,සෝයා,කුරක්කන් සහ තල යන බෝගවලට මෙම ප්රතිලාභ හිමි වේ.
2021 යල සහ 2021 /2022 මහ කන්නයේ වගා කරන ඉහත බෝග සදහා මෙම ප්රතිලාභ ලබා දෙන බව අමාත්‍යංශය සදහන් කරයි.
මෙම ප්රතිලාභ ලබා දීමට ප්‍රතිලාභීන් සහ ගොවි සංවිධාන තොරා ගැනීම සදහා වන අයදුම්පත් ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකගෙන් ලබා ගත හැකියි.
නිවැරදිව සම්පූරණ කළ අයදුම්පත් ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණහා නිෂ්පාදන සහකාරගේ නිර්දේශය සහිතව කෘෂිකර්ම උපදේශක හෝ මහවැලි බල ප්‍රදේශයේ ඒකක කළමනාකරු වෙත මාර්තු 31 වන දිනට පෙර භාර දිය යුතු බව අමාත්‍යංශය සදහන් කරයි.