හම්බන්තොට අන්තර් පළාත් කාර්යාලය මගින් අක්කර 100 ක අඹ වගා ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ.
මත්තල කෘෂිකර්ම උපදේශක කොට්ඨාසය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන බව හම්බන්තොට අන්තර්පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ ආර්.එච්.යූ ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට අක්කර 25 ක පැළ සිටුවීම අවසන් කර තිබේ.
පවත්න වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් අනෙක් අක්කර 75 තුළ පැළ සිටුවීමේ කටයුතු ඔක්තෝබර් මස අපේක්ෂිත වර්ෂාවත් සමග සිදු කරන බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා සදහන් කළේය.
ව්‍යාපෘතිය සදහා ගොවීන් 150 දෙනෙකුට වැඩි පිරිසක් එක්ව සිටී.
හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය.