හම්බන්තොට දිස්ත්‍රික් අන්තර් පළාත් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන වාණිජ පළතුරු වගා වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවේ.
මේ යටතේ අඹ, දෙළුම්, පේර, අනෝදා සහ දොඩම් යන පළතුරු වගා කෙරෙන බව එම කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සමන්ත කුමාර මහතා පැවසීය.
ඒ අනුව මත්තල ප්‍රදේශයේ අක්කර 100 ක අඹ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක අතර,මේ වන විට අක්කර 25 ක වගා කටයුතු අවසන් කර තිබේ.
ඊට අමතරව රිදීගම,තිස්ස,බැරගම,මැදිගම්විල,වීරවිල,පන්නගමුව,බෙරළිගල හා මාමඩල යන ප්‍රදේශවල අක්කර 50 ක අඹ වගා කිරීමට සැලසුම් කර ඇත.
දෙළුම් වගාව පන්නගමුව හා අග්බෝපුර යන ප්‍රදේශවල අක්කර 04 ක වගා කෙරේ.
දොඩම් වගාව අක්කර 12 ක සිදු කෙරේ.
ඒ අග්බෝපුර, යෝධකණ්ඩිය,පන්නගුමුව,දෙනිය හා මාමඩල යන ප්රදේශවලය.
එමෙන්ම පේර පැළ අක්කර 06 ක් රිදීගම හා බෙරළිගල යන ප්‍රදේශවල වගා කෙරෙන බව සහකාර කෘෂිකර්ම අධ්යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළේය.