හම්බන්තොට අන්තර් පළාත් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කළ තුඹ කරවිල වගාවෙන් මෙවර ඉහළ අස්වැන්නක් ලැබී ඇති බව වාර්තා වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදියගම, බෙරළිහෙළ,වීරවිල,බදගිරිය යන ප්‍රදේශවල හෙක්ටයාර් 18 ක මෙම වගාව සිදු කළ බව එම කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සමන්ත කුමාර මහතා පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවීන් සදහා ලබාදුන් නිවැරදි තාක්ෂණික දැනුම හා මග පෙන්වීම මෙවැ වැඩි ඵලදාවක් ලබා ගැනීමට හේතු වී තිබේ.
වගා වැඩසටහන සදහා ගොවීන් 50 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටි බව ද ඒ මහතා සදහන් කළේය.
මේ සදහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ගොවීන්ට ලබාදීම අන්තර් පළාත් කාර්යාලයෙන් සිදු කර තිබේ.
එමෙන්ම, ගොවීන්ට අවශ්‍ය වෙළදපළ සදහාද මග පෙන්වීම සිදු කරන බව සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සමන්ත කුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.