හම්බන්තොට දිස්ත්‍රික්කයේ රතු ලූණු වගාව ඉහළ නැංවීමට පියවර ගැනේ.
ඒ අනුව එම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 26 ක රතු ලූනු වගා කිරීම සදහා අවහ්‍ය බීජ ගොවීන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මේ වන විට මෙරට රතු ලූණු වගාව සදහා හොද වෙළදපළක් පවතින අතර ඉහළ අලෙවියක් සිදු කිරීමට ගොවි මහතුන්ට අවකාශ ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ හේමන්ත අමරසිංහ මහතා පවසයි.
පසුගිය දා දිවයිනට බලපෑ අධික වර්ෂාවත් සමග මෙරට රතු ලූණු වගා ප්‍රදේශවලට බාධා ඇතිවුණිද ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළේය.