2002 වසරේදි පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලේ යෝජනාවක් ස්ථීරත්වයෙන් සෑම වසරකම දෙසැම්බර් මස 05 වන දින ලෝක පාංශු දිනය ලෙස නම් කරන ලදී.
මෙවර පාංශු දිනයේ තේමාව වනනේ භූමියෙන් ආරම්භ කර පෘථිවි ග්‍රහ ලොව රැක ගනිමු යන්නයි.
මෙම දිනයට සමගාමීව ස්වභාවික සම්පත් කලමනාකරණ මධ්‍යස්ථානය මගින්ද සෑම වසරකම මෙම දිනය සමරනු ලබයි.
ඒ අනුව පාංශු සංරක්ෂණය යන තේමාව මුල් කර ගනිමින් මෙවර ස්වභාවික සම්පත් කලමණාකරණ මධ්‍යස්ථානය මගින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙන බව එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ආචාර්ය අජන්තද සිල්වා මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙවර දෙසැම්බර් මස 05 වන දින මෙම වැඩසටහන හැටන් ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතය.
දිවයිනේ බහුල වශයෙන් පාංශු ඛාදනය සිදු වන ප්‍රදේශයක් ලෙස මධ්‍යම කදුකර ප්‍රදේශය සැලකිය හැකි බවද අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
එමනිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා එම ප්‍රදේශ ආශ්‍රිතව ගොවිතැන් කටයුතු සිදු කරනු ලබන ගොවි ජනතාව සම්බන්ධ කර ගනිමින් ක්ෂේත්‍ර දිනයක් ලෙස මෙය පැවැත්වීමට අපේක්ෂිතය.