කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන හාල් මල්ලෙන් බතල වැඩසටහන පිළිබදව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් 50 දෙනෙකු දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් හෙට දිනයේ පැවැත්වේ.
මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ඉන්ද්‍රා ඊරියගම මහත්මිය කෘෂි එෆ් එම් ප්රවෘත්ති අංශය වෙත මේ බව සදහන් කළාය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන යොදා ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 20 ක හාල් මල්ලෙන් බතල වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඇය සදහන් කළාය.
ඒ අනුව මෙම වැඩසටහන සදහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට සම්බන්ධ ගොවීන් 170 දෙනෙකු සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් හට මේ පිළිබදව ප්‍රායෝගික පුහුණුව හෙට දිනයේදී ලබා දෙන අතර, එම නිලධාරීන් පසුව මේ පිළිබදව ප්‍රාදේශීය මට්ටමින් ගොවීන් දැනුවත් කරනු ඇත.
හෙට දිනයේ පැවැත්වෙන මෙම පුහුණු වැඩමුළුව සදහා උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ දයානි කරුණානන්ද මහත්මියගේ සම්පත් දායකත්වය ලබා ගන්නා බව මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සදහන් කළාය.