18.5 C
Sri Lanka
Monday, January 25, 2021

හාල් මිල ඉහළ දැමීම පාලනයට පියවර…මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් වී අලෙවි මණ්ඩලයට…

හාල් හිගයක් නිර්මාණය කරමින් හාල්මිල ඉහළ දැමීමට විටින් විට ඇතැම් පිරිස් ක්‍රියා කරනු ලබයි.

මෙය පාලනය කිරීම සඳහා ඉක්මන් විසදුම් සෙවීමට විශේෂ රැස්වීමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විය.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර සිටියේ හාල් ආනයනය කිසිසේත් නොකළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැඩි තීරණයක සිටින බවත් වහාම ජනතාවට පරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනය මෙන්ම ඊට අවශ්‍ය වැඩපිළිවෙලක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බවත්ය.

එළඹෙන පෙබරවාරි මාසය දක්වා මෙරට පාරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනයට අවශ්‍ය වී පසුගිය කන්නයේ නිෂ්පාදනය කොට ඇති බව අමාත්‍යාවරයා ප්‍රකාශ අතර සහල් හිගය සහ මිල වැඩි කරමින් සිදු කරන ක්‍රියාවට රාජ්‍ය නිලධාරීන් ලෙස ඒකාබද්ධව සම්බන්ධීකරණය වෙමින් විධිමත්ව ප්‍රායෝගිකව මුහුණ දිය යුතු බව මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් සෘජුව වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගතයුතු බවත් ඊට අදාල රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණු අතර ගබඩා ප්‍රතිසංස්කරණයට අදාල ප්‍රතිපාදන වහාම වෙන්කිරීමත් එම කටයුතු සදහා යුධ හමුදාවේ සහාය ලබා ගැනීමටත් මෙහිදී තීරණය විය.

එසේම රටේ අවශ්‍යතාවයට වඩා වී නිෂ්පාදනයට පියවර ගැනීමට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව අත්‍යාවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා පුරන් කුඹුරු අස්වැද්දීමට ගොවි ජනතාව උනන්දු කරවීමෙන් එම අරමුණු කරා ලගාවිය හැකි බවද අලුත්ගමගේ මහතා මීට එක්වූ නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

පවතින තත්ත්වයට වඩා 25% කින් වී නිෂ්පාදනය ඉහළ දැමීමේ සාර්ථක සැලසුමක් ක්‍රියාවට නැංවීමට ද මෙහිදී තීරණය විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානීන්, පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රධානීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මේ සඳහා සහභගී වූහ.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here