22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

හෙළ බොජුන්වල රස නිට්ටඹුවට බෙදා හැරීමට සියල්ල සූදානම්.

සැබෑ ශ්‍රී ලාංකේය රසය බෙදා දීමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන හෙළ බොජුන් ව්‍යාපෘතියේ තවත් අදියරක් සාර්ථක කරමින් නිට්ටඹුව ප්‍රදේශයේදී හෙළ බොජුන් අලෙවිසැලක් ලබන 28 වනදා විවෘත වේ.
ඒ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී.විජයරත්න හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා සහභාගී වීමට නියමිතය.
මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල හෙළ බොජුන් අලෙවිසැල් 14 ක් ක්‍රියාත්මක වේ.
ගන්නෝරුව, පේරාදෙණිය, මහනුවර රථගාල ඉහළ මහළ, කුණ්ඩසාල, කෑගල්ල පින්නවල, අම්පාර, නුවරඑළිය, අනුරාධපුර පුලියන්කුලම, පැල්වෙහෙර, ලබුදූව, බටඅත, බත්තරමුල්ල, මහියංගනය, පොළොන්නරුව යන ප්‍රදේශවල මේ වන විට හෙළ බොජුන් අලෙවිසැල් ක්‍රියාත්මක වේ.
අගොස්තු 10 වනදා යාපනය තින්නවේලි ප්‍රදේශයේදීද හෙළ බොජුන් අලෙවිසැලක් විවෘත වීමට නියමිතය.
එමෙන්ම පදියතලාව ප්‍රදේශයේදී හෙළ බොජුන් අලෙවිසැලක් විවෘත කිරීමට ද මේ වන විට කටයුතු සැලසුම් කර තිබේ.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම හෙළ බොජුන් අලෙවිසැලක් පිහිටුවමින් සැබෑ ශ්‍රී ලාංකීය රසය සැමට බෙදා දීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණ වේ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here