20 C
Sri Lanka
Friday, October 23, 2020

හෙළ බොජුන්හලට ටුඩේ ස්පෙෂල් කව්ළුවක්..

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂි ව්‍යප්ති අංශය විසින් ක්‍රියාවට නංවනු ලබන හෙළ බොජුන් ව්‍යාපෘතිය මේ වන විට දිවයින පුරා ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව තිබේ.

දේශීය ආහාර පරිභෝජනය තුළින් සෞඛ්‍යමත් ආහාර රටාවක් ජනතාවට හුරුකරවීම හා දේශීය ආහාර රට තුළ ප්‍රචලිත කරවීමේ අරමුණින් හෙළ බොජුන්හල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මෙම ව්‍යාපෘතිය තවදුරටත් ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව පියවරක් ගෙන තිබේ.

එනම් ටුඩේ ස්පෙෂල් කවුළුවක් සෑම හෙළ බොජුන් හල් පරිශ්‍රයකම විවෘත කිරීමයි.

එහි සමාරම්භක අවස්ථාව ලෙස පේරාදෙණිය ගලහ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය අසල පිහිටි හෙල බොජුන් හල් පරිශ්‍රය තුළ ටුඩේ ස්පෙෂල් කවුලුවක් විවෘත කර තිබේ.

එහිදී හෙල බොජුන් හල් පාරිභෝගිකයන්ට දිනපතා විශේෂ ආහාරයක රස බැලීමට අවස්ථාව හිමි වේ.

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 19 ක් තුළ හෙල බොජුන්හල් 23 ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ හෙල බොජුන් හල් 04 ක් ස්ථාපිත කර ඇති අතර,
අනුරාධපුර, ගාල්ල, පොළොන්නරුව, මහියංගණය, නුවරඑළිය, අම්පාර, බටඅත, ලබුදූව, නිට්ටඹුව,මාතර, කන්තලේ, වාකරේ, ත්‍රිකුණාමලය, හලාවත, කෑගල්ල,බත්තරමුල්ල, යාපනය, පදියතලාව, යන ප්‍රෙදශවල හෙළ බොජුන්හල් පිහිටුවා තිබේ.

නවතම හෙල බොජුන්හල අනුරාධපුර උඩමලුව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂි ව්‍යප්ති අංශය සදහන් කරයි.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here