කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන හෙළ බොජුන් අලෙවිසැල් පොලීතීන්වලින් අවම කලාපයක් කිරීම සදහා මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂි ව්‍යප්ති අංශයේ කෘෂිකර්ම උපදේශිකා මධුමාලි සුබුද්ධිකා මහත්මිය පැවසුවේ මේ වන විට පොලිතීන් අවම කිරීම සදහා රජය විසින් ක්‍රියාවට නංවන වැඩපිළිවෙලට සමගාමීව මෙය ක්‍රියාත්මක කරන බවය.
ඒ අනුව ඊයේ දිනයේදී ගන්නෝරුව හෙළ බොජුන් අලෙවිසැල ආශ්‍රිතව මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
මෙහිදී හෙළ බොජුන් අලෙවිසැලෙන් ආහාර ලබා ගන්නා පාරිභෝගිකයන් හට ආහාර රැගෙන යාම සදහා පොලිතීන් කවරයක් වෙනුවට කඩදාසි කවරයක් ලබාදීම සිදු වූ බව මධුමාලි සුබුද්ධිකා මහත්මිය පැවසුවාය.
එමෙන්ම ආහාර ගැනීම සදහා ප්ලාස්ටික් පිගානක් වෙනුවට මැටි වලින් නිර්මාණය කළ පිගානක් ලබා දීම සිදු වූ බව ඇය සදහන් කළාය.
එමෙන්ම පොලිතීන් අවම භාවිතය පිළිබදව දැනුවත් කිරීම සදහා පාරිභොග්කියන් හට දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවක් ද බෙදා දීම සිදු විණි.
ඉදිරියේදී අනෙකුත් හෙළ බොජුන් අලෙවිසැල් සියල්ලේම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද මධුමාලි මහත්මිය සදහන් කළාය.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිලිවෙල ක්‍රියාවට නැං වේ.