22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

උතුරු පළාත් කෘෂි ප්‍රදර්ශනය භූමිය අද පාසල් සිසුන්ගෙන් පිරී ඉතිරේ – ප්‍රදර්ශනය හෙට අවසන්.

යාපනය තින්නවේලි දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රය සහ කෘෂිකර්ම පර්යේෂණ ආයතන පරිශ්‍රයේදී පසුගිය 19 වෙනිදා ආරම්භ කළ කෘෂි ප්‍රදර්ශනය හෙට(23) අවසන් වීමට නියමිතය.

යාපනය දිස්ත්‍රික් ජනතාවගේ කෘෂි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් හා නව කෘෂි තාක්ෂණික දැනුම බෙදා දීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධාන කෙරිණ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ අංශ විසින් ප්‍රදර්ශන කුටි රාශියක් ප්‍රදර්ශනයට එක් කර ඇත.

අද සිව්වන දිනටත් පැවැත්වෙන ප්‍රදර්ශනය පාසල් ළමුන්ගෙන් අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් ඇති බව එහි සිටින කෘෂි එෆ් එම් වාර්තාකරු අජිත් ගුණසේකර මහතා සදහන් කළේය.

ගෙවතු ආදර්ශන, වගා ආදර්ශන මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කෘෂි ප්‍රදර්ශන කුටි රැසකින් ප්‍රදර්ශන භූමිය සමන්විත වන බව ඒ මහතා  කියා සිටියේය.

එමෙන්ම, මෙම ප්‍රදර්ශනය නැරඹීම සදහා යාපනය දිස්ත්‍රික් ජනතාව මහත් උනන්දුවකින් සහභාගී වන බව ද අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here