පවතින ජල හිගතාවය යටතේ භාවිත කළ හැකි කෙටි කාලීන වී ප්රබේධයන් පිලිබදව ගන්නෝරුව බීජ සහතික කිරීමේ සේවය විසින් මේ දිනවල සොයා බැලීම් සිදු කෙරේ.
ඒ අනුව කෙටි කාලීන වී ප්රබේධයන් වන බී ජී 250, බී ජී 251 බී ජී 252 සිට බීජී 300 දක්වා වන වී වර්ගයන් පිළිබදව සහතික කිරීම් සිදුවන බව බීජ සහතික කිරීමේ සේවයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එස්.ඒ.එම්.ආර්.අබේකෝන් මහතා පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු කොටි කාලීන වී වර්ගයන් මෙන්ම ගොවීන් සතුව පවතින වී මිලට ගැනීම සදහා එම වී වර්ගයන් පිළිබදව ද සහතික කිරීමේ කටයුතු මෙහිදී සිදු වන බව ඒ මහතා සදහන් කළේය.
මීට අමතරව ගොවීන් වෙත ලබා දීම සදහා අවශ්‍ය සෝයා බීජ ලක්ෂ 04 ක් පමණ කඩිනමින් මිලට ගැනීම සදහා ගොවීන් සතුව පවතින ගුණාත්මක බීජ පිළිබදව සොයා බැලීමේ කටයුතු ද මේ දිනවල සිදු කෙරෙමින් පවතී.
ඒ සදහා මහඉලුප්පල්ලම, පැල්වෙහෙර හා ගලෙන් බිදුනු වැව යන ප්‍රදේශවල පිහිටි බීජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාල හරහා මෙම බීජ පිළිබදව සහතික කිරීමේ කටයුතු සිදු කෙරේ.
මෙම බීජ මිලදී ගැනීම සිදු කරනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විසිනි.