මහ කන්නයේ වී වගාව සඳහා සූදානම් වන ගොවි මහතුන් දැනුවත් කිරීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කොට ඇත.
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රවර්ධන වැඩසටහන් මාලාව දියත් කරනු ලබයි.
මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙය පැවැත්වේ.
ඒ අනුව පළමු ප්‍රවර්ධන වැඩසටහන ඔක්තොම්බර් මස 21 වන දින පැවැත්විය.
මෙහි ඉදිරි වැඩසටහන් ඔක්තොම්බර් මස 24 වන දින ගනේගොඩ ගොවි සෙවන මධ්‍යස්ථානයේදී සහ 25 වන දින රනවණ විහාරස්ථානයේදී පැවැත්වීමට අපේක්ෂිතය.
උදෑසන 10.00ට මෙම වැඩසටහන් ආරම්භ බව මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.
මෙහිදී, පැමිණෙන ගොවි මහතුන් හට විශේෂ වගා උපදෙස් මෙන්ම වගා ක්ෂේත්රයේ හටගන්නා කෘෂිකාර්මික ගැටලු සඳහා නිවරැදි විසදුම් ලබා ගැනීමට හැකියාව පවතී.
එමෙන්ම සහන මිලට බීජ ලබා ගැනීම මෙන්ම පස් පරික්ෂා කර පොහොර නිර්දේශ ලබා දීම ඇතුලු පහසුකම් රැසක් මෙහිදී ගොවීන්ට හිමිවේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් රැසකගේ සම්පත්දායකත්වය මේ සඳහා හිමි වන බව මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.