22.6 C
Sri Lanka
Saturday, February 27, 2021

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම බෝග පුරෝකතනය නිකුත් කෙරේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021-02-21 දින සිට 2021-03-05 දක්වා කාලයට අදාළ බෝග පුරෝකථනය නිකුත් කර තිබෙනවා.

මෙම බෝග පුරෝකථනය අනුව වගාව සිදු කර ඉහළ ප්‍රතිඵල ලබා ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

ඒ අනුව කරවිල , වම්බටු, පිපිඥ්ඥා, මෑ කරල් , වැටකොලු යන එළවළු වගා කරන ගෙවීන්ට ඉහළ මිලක් ලැබෙන බව කෘසිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන්ම, බණ්ඩක්කා, වට්ටක්කා, පතෝල යන එළවළු මේ කාලය තුළ වගා කරන ගොවීන්ටත් ඉහළ මිලක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

මෙම කාලය තුළ බෝංචි, බීට්රූට්, ගොවා යන එළවළු වගා කරන ගොවීන්ට හොද මිලක් ලබා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිගමනයයි.

එමෙන්ම, මාලු මිරිස්, කැරට්, රාබු සහ තක්කාලි යන එළවළු ද මෙම කාලය තුළ වගා කරන්නේ නම් හොදා මිලක් ලබා ගත හැකි වනු ඇති

මෙම කාලය තුල ලීක්ස් වගා කරන ගොවි මහතුන්ට සාමාන්‍ය මිලක් වෙළදපලේදී ලබා ගත හැකි වනු ඇති බව බෝග පුරෝකතනයේ දැක් වේ.

එබැවින්, මෙම කාලය තුළ ගොවි මහතුන් වන ඔබ කරවිල , වම්බටු, පිපිඥ්ඥා, මෑ කරල් , වැටකොලු, බණ්ඩක්කා, වට්ටක්කා, පතෝල යන එළවළු වැඩි වශයෙන් වගා කිරීමට කටයුතු කිරීම සුදුසු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Latest news

වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…

2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මේ වන...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම බෝග පුරෝකතනය නිකුත් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021-02-21 දින සිට 2021-03-05 දක්වා කාලයට අදාළ බෝග පුරෝකථනය නිකුත් කර තිබෙනවා. මෙම බෝග පුරෝකථනය අනුව...

තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ...

නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ. එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here