26.8 C
Sri Lanka
Thursday, September 23, 2021

ඉදිරි තෙවසර තුළ වියලි මිරිස් ආනයනයට වැට….

ඉදිරි වසර තුන ඇතුළත මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මේ වන විට මෙරටට අවශ්‍ය වියළි මිරිස් අවශ්‍යතාවය සියයට සීයක් ආනයනය කෙරේ.

කෙසේ වෙතත් රට තුළදීම වියළි මිරිස් අවශ්‍යතාවය සපුරා ගැනීමට අනුරාධපුර ඇතුළු දිසිත්‍රික්ක 07 ක් හදුනාගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

එම ප්‍රදේශවල ගොවි පවුල් දහසක් මිරිස් වගා කිරීමට යොමු කරන බවත් ඔවුන්ට අක්කර භාගයක ඉඩම් ප්‍රමාණයක් රජය විසින් ලබා දෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.

එමෙන්ම මිරිස් වගා කරන එක් ගොවියෙකු සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ තුන හමාරක මුදලක් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here