මහ කන්නයේ අස්වැන්නේ අග්‍රඵලය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන 54 වන අලුත් සහල් මංගල්‍යය පසුගියදා පැවැත්විණි.
ඒ අටමස්ථානාධිපති අචාර්ය අතිපූජ්‍ය පල්ලෙගම සිරිනිවාස නයක ස්වාමීන්වහන්සේ, රුවන්වැලිසැ රාමාධිපති අතිපූජ්‍ය පල්ලෙගම හේමරතන නායක ස්වාමින්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන්සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
කලට වැසි වසීවා කෙත්වතු සාර වේවා ” මැයෙන් මෙවරත් අති උත්කර්ෂවත්ව අලුත් සහල් මංගල්‍ය පැවැත්වුණි.
භව බෝගයෙන් ස්වයංපෝෂිතව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන ගමනට ශක්තිය, ධෛර්ය, ආශිර්වාදය ජය ශ්‍රී මහා බෝරදුන් වෙතින් ලබා ගැනීම අරමුණු කර ගනිමින් සමප්රදායිකව අලුත් සහල් මංගල්‍ය පැවැත්වෙයි.
මුළු දිවයිනේම ගොවි ජනතාව පෙරහැරවලින් පැමිණ උත්සවාකාරයෙන් ලබා දුන් අලුත් සහල් මෙහිදි උතුම් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේට පුජා කෙරිණි.
කලට වැසි වැටි,උවදුරු දුරු වී මුළු රටම ස්වයංපෝෂිත වේවායි ප්‍රාර්ථනයෙන් ගොවිජනතාව මහත් භක්තියෙන් අලුත් සහල් මංගල්‍යය සෑම වසරකම සිදුකරනු ලබන චාරිත්‍රයක් ලෙස ශ්‍රී ලාංකික සමාජයේ, ගොවි ජනතාවගේ සිත්වල තැන්පත් වී තිබේ.