28.5 C
Sri Lanka
Friday, April 23, 2021

Ag Tech 2018 ප්‍රදර්ශනය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි තාක්ෂණික උසස් අධ්‍යාපනයේ 70 වසරක අභිමානය හා මහඉලුප්පල්ලම උප විශ්ව විද්‍යාලයේ අඩ සියවසක මෙහෙවර සමරමින් පවත්වන කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය ඔක්තොම්බර් මස 04, 05, 06 සහ 07 යන දිනයන්හීදී පැවැත්වේ.

Ag Tech 2018 නමින් මෙම ප්‍රදර්ශනය නම් කොට ඇත.

මෙම ප්‍රදර්ශනය මහඉලුප්පල්ලම උප විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

“කෘෂිකර්මාන්තයේ අතීතය, වර්තමානය සහ අනාගතය තාක්ෂණික කෘෂිකර්මයේ නවමු ඉසව් සොයා” මෙම ප්‍රදර්ශනයේ තේමාවයි.

සාම්ප්‍රදායික කාෂිකර්මාන්තය හා එහි අනාගතය, නව කෘෂි තාක්ෂණය නිසි අයුරින් ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කිරීම හා ශරීරයට ගුණදායක වන අයුරින් ආහාර භාවිතා කිරීම, කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා සමෝදානික ක්‍රියාමාර්ගයන් යොදා ගැනීම වැනි කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහිදී සිදු කරනු ලබයි.

ඔක්තොම්බර් මස 05 වන දින ගුවන් ව්දුලි ගොවි සේවාවේ කෘෂි වෙබ් රේඩියෝ සජීවී ගුවන් විදුලි විකාශන මැදිරියක්ද මෙම ප්‍රදර්ශනයට එක් කිරීමට කටයුතු සංවිධානය කොට ඇත.

 

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here