කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන Harvest 2018 කෘෂිකාර්මික ප්‍රදර්ශනය ඊයේ (11) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.
ඒ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව ප්‍රදර්ශනය සංවිධාන කර තිබේ.
ඊයේ දිනයේ සිට ලබන 16 වනදා දක්වා පෙ.ව 09.00 සිට රාත්‍රි 09.00 දක්වා ප්‍රදර්ශනය මහ ජනතාවට විවෘතව පවතී.
නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි, ආහාර අලෙවිසැල්, පළතුරු හා එළවළු අලෙවිසැල් ආදී අංශ ගණනාවකින් ප්‍රදර්ශනය සමන්විත වේ.
දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් ප්‍රදර්ශනය හා සම්බන්ධ වී සිටී.
කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා භාවිත කෙරෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම මෙරට ගොවි ජනතාවට හදුන්වා දීම සහ මෙරට නිපදවන එළවළු පළතුරු වැනි බෝග සදහා ජාත්‍යන්තර වෙළදපලේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීමත් ප්‍රදර්ශනයේ ඉලක්කයන් වේ.